පිටරට සැඟ වූ ඩොලර් රාජසන්තක කරන්න නව නීති…!

July 23, 2023 at 9:22 am | by emanisa.lk

දේශපාලකයන් හා පාතාල අපරාධකරුවන් සොරකම් කරන ලද හෝ අපරාධවලින් උපයාගෙන විදේශ රටවල සඟවා ඇති මුදල් නැවත මෙරටට ලබාගෙන රාජසන්තක කිරීමට හැකිවන නව නීතියක් පැනවීමට රජය තීන්දු කර ඇත.

ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් උපදෙස් අනුව මෙම නීතිය පැනවීමට රජය අපේක්ෂා කරන බව දැනටමත් මූල්‍ය අරමුදලට දැනුම් දී තිබේ.

2024 මාර්තු මාසය වන විට මෙකී නව නීතිය කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රතිඥා දී ඇති බව ආරංචි මාර්ග කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *