මේ රට ගොඩනැගීමට නම් පැරණි රජ දරුවන් අනුව යමින් ජල ගැටලුවට විසඳුම් ලබාගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
නිල්වලා සහ ගිං ගංගා උතුරා මුහුදට ගලා යන ජලය ඉන් කි.මී. 60-70ක් ඈතින් ජලය නොමැති හම්බන්තොටට මොනරාගලට ගෙන යන වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි, ඔහු ප්‍රකාශ කළේ.
කොළඹ නගරයේ අප-ජලය පොළොව යටින් මුහුදට ගෙන යාමට හැකි නම් ගං සහ නිල්වලා ජලය රටේ වියළි බිම්වලට පොළොව යටින් ගෙන යාමට බැරිකමක් නැතැයි ද හෙතෙම සඳහන් කරයි.
අරගලයෙන් පාඩම් උගෙන තමන් එක්සත් ජනරජ පෙරමුණ බිහි කළේ මෙම සත්‍ය ජනතාවට කියා දී රට ගොඩනැඟීම සඳහා බව ද ඔහු වැඩි දුරටත් කීය.