පැරණි පක්ෂ දේශපාලනයට මේ රට හදන්න බෑ…! – දිලිත් ජයවීර…

August 18, 2025 at 9:36 am | by Namal

වතු ආශ්‍රිත ජනතාවගේ සුභසාධනය අංක එකේ ප්‍රමුඛතාවක් ලෙස සලකන බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

එම ජනතාව හොඳ නිවසක් තනා වාහනයක් මිල දී ගෙන සුව සේ ජීවත් වීමට උවමනා පදනම නිර්මාණය කිරීම සතුටු දැයක් වැඩසටහනේ අරමුණ බව ද හෙතෙම පෙන්වා දෙයි.

වතුකරයේ ජනතාව තවමත් ජීවත් වන්නේ ලැයින් කාමරවල නම් අම්බිගා සැමුවෙල් ජනතාව ඉදිරියට නොපැමිණ සැඟවේ නම් පැරණි දේශපාලනයට සිය අනාගතය භාර දී පලක් නොමැති බව ද දිලිත් ජයවීර අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, මහනුවර තෙල්දෙණිය රන්ගල ග්‍රාමයේ සර්වජන සභාව පිහිටුවීමේ අවස්ථාවට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස