පැය 10ක් කළුවරේ ඉන්න ඕන නෑ..! ගල් අඟුරු තොගයක් එයි…!

January 7, 2023 at 6:28 am | by emanisa.lk

ගල්අඟුරු ටොන් 60,000 ක් රැගත් නෞකාවක් ඊයේ (6) ශ්‍රී ලංකාවට ළගා වූ බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි.

එම ගල්අඟුරු තොගය ගොඩබෑම ඊයේ දින ම ආරම්භ කර ඇති බව ලංකා ගල්අඟුරු සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම ගල්අඟුරු තොගය හැකි ඉක්මණින් නොරොච්චෝලේ ‘ලක්විජය’ බලාගාරයේ විදුලි නිෂ්පාදනය සඳහා යොමු කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

මෙයට පෙර වෘත්තීය සමිති අනතුරු ඇඟවූයේ ජනවාරි මස සිට පැය 10ක විදුලි කප්පාදුවක් අනිවාර්ය බවටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *