පාස්කු ප්‍රහාර විමර්ශනයට ඇති ලොකුම බාධාව සිරිල් ගාමිණි පියතුමා බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
පාස්කු ප්‍රහාරට මාස තුනක් පිරෙන විට එය බටහිර බලවතුන්ගේ කුමන්ත්‍රණයක් යැයි ඔවුන් චෝදනා කළ බව ඔහු පෙන්වා දෙයි.
එයින් අනතුරුව පාස්කු ප්‍රහාරය අබු හින්ද් එල්ල කළ බවද දැන් මේ වන විට එය රණවිරුවන්ගේ වැඩක් යැයි එම පිරිස චෝදනා කරන බවද ගම්මන්පිල ප්‍රකාශ කරයි.
තමන්ගේ හිතළුවලට ගැලපෙන ආකාරයට විමර්ශන කරන්නේ නම් එය උඩ දමන මෙම නඩුවෙහි පැමිණිලිකරුවෙකු වන සිරිල් ගාමිණී පියතුන්ලා දිගින් දිගටම ඊට බාධා කරන්නේ ඔහුද මෙහි පාර්ශ්වකරුවෙකුද යන සාධාරණ සැකය ඇති වන බවද ඔහු අවධාරණය කරයි.
හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මේ බව ප්‍රකාශ කළේ ස්වර්ණවාහිනයේ වැඩසටහනකට එකතු වෙමිනි.