පාස්කු වාර්තා සඟවන්න කාදිනල්තුමාත් ආණ්ඩුවට මුක්කු ගහනවා…! – මනෝජ් ගමගේ…

October 20, 2024 at 8:06 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාර විමර්ශන වාර්තා ප්‍රසිද්ධ නොකර සැඟවීමට මැල්කම් කාදිනල් රංජිත් අගරද ගුරුතුමා සහ සිරිල් ගාමිණී පියතුමා ආණ්ඩුවට සහයෝගය ලබා දෙමින් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥ මනෝජ් ගමගේ පවසයි.

උදය ගම්මන්පිල නම් පණිවිඩකරු ඝාතනය කර කොමිසන් වාර්තා සැඟවීමට කතෝලික පල්ලිය උත්සාහ කිරීම ඉතා ම ගැටලු සහගත බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

කතෝලික පල්ලිය මෙම වාර්තා රටට හෙළිදරව් කළහොත් හෙළිවන ඇත්ත වසං කිරීම සඳහා නව පරීක්ෂණයක් ඉල්ලමින් ඇති බවට ද මනෝජ් ගමගේ චෝදනා කළේය.

අද (20) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *