පාස්කු වාර්තා ලීක් කළේ ජනපතිගේ සමීපතමයෙක්… සඳුදා සියලු වාර්තා රටටම දෙනවා…! – ගම්මන්පිල…

October 16, 2024 at 7:53 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාර විමර්ශන වාර්තා ලැබුණු වහා ප්‍රසිද්ධ කරන බවට ජනාධිපති අනුර දිසානායක හෝ ඇමති විජිත හේරත් ප්‍රතිඥාවක් ලබා දෙන තුරු තමා සතු වාර්තා කිසිසේත් භාර නොදෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

කෙසේ වුව ද ලබන සඳුදා වන විට ජනාධිපතිවරයා එම වාර්තා ප්‍රසිද්ධ නොකරන්නේ නම් ජාතික ආරක්ෂාවට වැදගත් ඇමිනුම් හැර තමන් වාර්තා අනිවාර්යෙන්ම ප්‍රසිද්ධ කරන බව ඔහු අවධාරණය කරයි.

ඉමාම් වාර්තා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලැබුණේ ජුනි 25 බවත් එය මාස තුනක් තිස්සේ රහසිගතව ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබූ බවත් ගම්මන්පිල සඳහන් කරයි.

එහෙත් වර්තමාන ජනාධිපති අනුර දිසානායක අතට එම වාර්තා පත්ව සති තුනක් ඇතුළත පිටවීමෙන් තහවුරු වන්නේ ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩලය ඔහුට පක්ෂපාතී නොමැති බව යැයි ද හෙතෙම කීය.

මේ අතර පාස්කු වාර්තා ප්‍රසිද්ධ කිරීමට පෙර තමන් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතී දැයි ඊයේ (15) රාත්‍රියේ ආණ්ඩුව සාකච්ඡා කොට ඇති බව තමන්ට වාර්තා වී ඇතැයි ද ගම්මන්පිල අනාවරණය කරයි.

අද (16) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් උදය ගම්මන්පිල මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *