පාස්කු වාර්තා එළියට දාන්න කියලා අපි විපක්ෂේ ඉද්දී කීවේ නෑ…! – විජිත හේරත්…

October 18, 2024 at 9:06 am | by emanisa.lk

සිය පක්ෂය විපක්ෂයේ සිටිය දී පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තා ප්‍රසිද්ධියට පත් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා නොසිටි බව අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක විජිත හේරත් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තමන් බලයට පැමිණ එම ප්‍රහාරය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව නම් ප්‍රකාශ කළ බවයි. විපක්ෂයේ සිටිය දී එම වාර්තා ප්‍රසිද්ධියට පත්කරන ලෙස වර්තමාන ආණ්ඩුව ඉල්ලා සිටි බවට මාධ්‍ය නැඟූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඇමැතිවරයා මේ බව කීය.

“ආණ්ඩු බලය ගන්න කලින් අපි කිව්වේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැහැදිලි පරීක්ෂණයක් පටන් ගන්නවා කියලා. ඒක අපි දැන් පටන් අරන් තියෙනවා. ඒ වගේම අපි අද කියනවා ඒ පරීක්ෂණය අනුව ඒ අදාළ චූදිතයින්ට අපි අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා. ඒක තමයි අපි එදත් කිව්වේ, අදත් කියන්නෙ.

පොඩි ළමයි සෙල්ලම් බඩු පොළවේ ගහනවා අවධානය දිනාගන්න. ඉතින් ගම්මන්පිල පොඩි එකෙක් වගේ දඟළන එක ගැන මම එච්චර කලබල වෙන්නෙ නෑ. දැන් ඔවුන් දේශපාලනයේ පරාජිත වෙලා ඉන්නේ. ඒවා ගැන එච්චර තැකීමක් කරන්නෙ නෑ.

අපි කලට වෙලාවට නිවැරදි පරීක්ෂණ අනුව ඒ දේවල්වලට අදාළව පියවර ගන්නවා. එක එක්කෙනාගෙ තියෙන පටු දේශපාලන වුවමනාවන් අනුව නෙවෙයි අපි ඒවා කරන්නෙ, වගකීම් සහගත ආණ්ඩුවක් විදියට. පරීක්ෂණ පවත්වලා පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරනවා. ඒවා කෙටි කාලයක් තුළ අවසන් කරනවා.”

අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (17) වේයන්ගොඩදී පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් පිළිබඳ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *