පාස්කු මහ මොළකරු සෙවීමේ මෙහෙයුම දිගටම… හිටපු බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ අත්අඩංගුවට…!

February 25, 2026 at 10:52 am | by emanisa.lk

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත. පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඔහු ඉන්දියාවේ ජාතික ආරක්ෂක අධ්‍යයන පාඨමාලාවක් හදාරමින් සිටි අතර 2019 දෙසැම්බර් ජාතික බුද්ධි අංශ ප්‍රධානි ධුරයට පත්විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අසලදී අද (25) අලුයම ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්කිරීම සඳහා පාස්කු ප්‍රහාරය එල්ල කළ බවට චැනල් 4 නාලිකාවට ප්‍රකාශයක් ලබාදුන්නේ දැනට ස්විට්සර්ලන්තයට පැනගොස් දේශපාලන රැකවරණය ලබන අසාද් මවුලනාය. කෙසේ වුවද එවක ආණ්ඩුව විසින් පත්කළ ඉමාම කමිටු වාර්තාව මගින් මෙම ප්‍රකාශය තර්කානුකූලව බිඳ දමා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *