පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළේ හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ සැලසුමකට අනුව බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දෙයි.
මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ තවත් තිදෙනකුගේ වක්රාකාර දැනුම්වත්භාවය සහිතව බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත.
මෙම තුනතුරු අනාවරණය කර ගැනීමට හැකි වුණේ හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ප්‍රසාද් රණසිංහ සහ නිශාන්ත සොයිසා යන මහත්වරුන්ගෙන් සහ අසාද් මවුලානා නමැත්තාගෙන් ලබාගත් ප්‍රකාශ පදනම් කරගෙන බව එම දෙපාර්තමේන්තුව හෙළි කර තිබේ.
ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව 2024 ඔක්තෝබර් 11 වනදා සිරිල් ගාමිණී පියතුමා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව, අපරාධයේ පෙර සූදානම සහ පශ්චාත් විපරම පිළිබඳව දීර්ඝ විමර්ශනයක් අරඹා ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.
තවද 2020 වසරේදී සුරේෂ් සලේ සහ අසාද් මවුලානා යන අය අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ හෝටලයක නැවතී සිටි බවට තොරතුරු හෙළිව ඇති අතර ඊට අදාළ බිල්පත් වාර්තා කැඳවීමටද පියවර ගෙන ඇති බවද අධිකරණයට දැනුම් දී තිබේ.