පාස්කු ප්‍රහාරය කිසියම් කුමන්ත්රණයක ප්‍රතිඵලයක් ලෙස සිදුවූයේද යන්න පිළිබඳ විමර්ශනය සඳහා දෙවන විමර්ශනයක් ආරම්භ කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
එම විමර්ශනය අවුරුද්දක් සිදුකර ලැබුණු සාක්ෂි මත හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ඇති බවද ඇමතිවරයා ප්‍රකාශ කරයි.
විමර්ශනයේ ප්‍රතිඵල අනුව හිටපු රාජ්‍ය බුද්ධ ප්‍රධානි, මේජර් ජනරාල් සුරේෂ් සලේ මෙම ප්‍රහාරය ගැන පූර්ව දැනුම්වත්භාවයක සිටි බවට තොරතුරු ලැබී ඇතැයිද ආනන්ද විජේපාල අනාවරණය කරයි.
සුරේෂ් සලේ තව දුරටත් සැකකරුවෙකු පමණක් බවත් ඔහු වැරදිකරුද නිවැරදිකරුද යන්න අනාගතයේ අධිකරණය තීන්දු කරනු ඇති බවද ඔහු අවධාරණය කරයි.