පාස්කු ප්‍රහාරය ගැන බුද්ධි තොරතුරු ආවේ රවීලාට ශානිලාට… එයාලා තමයි දැන් පරීක්ෂණ කරන්නේ….!

March 6, 2026 at 4:57 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුවේ පාස්කු විමර්ශන සිදුකරන ප්‍රධාන නිලධාරීන් දෙදෙනාම යහපාලන ආණ්ඩුව සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු කළ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කරයි.

“මේ ආණ්ඩුවේ පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන ප්‍රධාන නිලධාරීන් දෙන්නාම යහපාලන ආණ්ඩුව කාලේ බෝම්බේ පිපිරෙන කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එක්කෙනෙක් අධ්‍යක්ෂ, අනික් එක්කෙනා DIG (නියෝජ්‍ය පොලිස්පති). ඒ දෙන්නා තමයි, තමුන්නාන්සෙලාගේ ආණ්ඩුවේ ප්‍රධානතම විමර්ශකයෝ දෙන්නා. එහෙම නම් එතුමන්ලාවත් අයින් කරලා දාන්න. එතුමන්ලා තියාගෙන අපට බනින්න එපා. එතුමන්ලට තමයි නිව්ස් එක ආවේ බෝම්බේ පිපිරෙන්න යනවා කියලා. අපට නෙමෙයි නිව්ස් එක ආවේ. ඒ නිසා එතුමන්ලා හොඳයි, යහපාලන ආණ්ඩුව හොඳ නැහැ කියන්න බෑ. ඒවා බොළඳ තර්ක.”

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (06) පාර්ලිමේන්තුව අමතමින් පාස්කු ප්‍රහාරය එල්ල වන තුරු යහපාලන ආණ්ඩුව කිසිවක් නොකළ බවට ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික සිදුකළ ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *