පාස්කු ප්‍රහාරය ISIS උමතු ප්‍රහාරයක් ද බල දේශපාලන කුමන්ත්‍රණයක් ද නොඑසේ නම් එම දෙපාර්ශ්වය එකිනෙකා රවට ගැනීමක් ද යන්න විමර්ශකයන් හෙළිදරව් කළ යුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
කෙසේ වුව ද වර්තමාන ආණ්ඩුවට ඒ් සඳහා නිශ්චිත පිළිතුරක් ලබා දීමට හැකියාවක් නොමැති බව ඔහු අවධාරණය කරයි.
ඊට හේතුව ආණ්ඩුවේ කණ්ඩායම ද ශුද්ද වූ පිරිසක් නොවන බවත් අඩුවැඩි වශයෙන් මෙම ක්‍රියාදාමය සමග බැඳී ඇති බව පාඨලී චම්පික රණවක අනාවරණය කරයි.
මෙම ප්‍රහාරයට මුදල් සැපයූ ඊබ්‍රාහිම් පවුල තව දුරටත් මේ රටේ ව්‍යාපාර කරන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරන හිටපු ඇමතිවරයා, පාස්කු වින්දිතයන්ට වන්දි ලබා දියයුත්තේ ඊබ්‍රාහිම් පවුලේ දේපළ රජයට පවරා ගෙන බව ද කීය.
ඊයේ (21) මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.