පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ඉන්දියා සම්බන්ධ බවක් තමා කිසි දිනෙක ප්‍රකාශ නොකළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
“අවස්ථා කිහිපයක දී ම ඇතැම් මාධ්‍ය මේක මතු කරලා තිබුණා. ඉන්දියාව රාජ්‍යයක් විදිහට මේක යට ඉන්නවා කියලා අපි කවදාවත් කීවේ නෑ. ඒවායේ ඉන්න ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සම්බන්ධකම් තියෙන්න පුළුවන්.”
ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවට නලින්ද ජයතිස්ස මීට පෙර කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි