පාසල් සිසුවාගේ රොකට්ටුව ගුවන් හමුදා ප්‍රදර්ශනයට! වැඩි දියුණු කිරීමටත් අතහිත!

March 1, 2019 at 6:49 am | by admin

ගුවන් හමුදා 68 වැනි සංත්සර සැමරුමට සමගාමීව 2019 මාර්තු මස 2 වැනි දින සිට 6 වැනි දින දක්වා හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පැවැත්වෙන ගුවන් හමුදා Air Tattoo -2019 ප්‍රදර්ශනයේ දී ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ උසස් පෙළ හදාරණ සිසුවකු වන එල්. එච්. ගිහාන් හෙට්ටිආරච්චි විසින් නිර්මාණය කළ රොකට්ටුව එයාර් මාර්ෂල් කපිල ජයම්පතිගේ උපදෙස් මත මහජනතාව වෙත ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව ගුවන් හමුදාව ච්සින් සලසා දී ඇත.

පාසල් ශිෂ්‍යයකු විසින් ප්‍රථමවරට නිර්මාණය කරන ලද මේ රොකට්ටුව වැඩි දියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මුල්‍යමය ආධාර සිදු කළ අතර, රොකට්ටුව වැඩි දියුණු කොට ගුවන් ගත කිරීම සඳහා ගුවන් හමුදා සහාය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසා දීමට ද පියවර ගන්නා ලදි. ගුවන් හමුදාපති, එයාර් මාර්ෂල් කපිල ජයම්පති විසින් මේ නව නිර්මාණකරුවා හට විශේෂ අවධානයක් යොමු කරමින් ඔහුගේ ඉදිරි නිර්මාණ කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට ද කටයුතු කරමින් සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස