පාසල් නිල ඇඳුම් භාරගන්න අගමැතිනිය ප්‍රමාදයි… චීන තානාපති පැයක් රස්තියාදුවේ…!

December 11, 2024 at 1:06 pm | by emanisa.lk

චීන රජය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ 2025 වසර සඳහා වන පාසල් පාසල් නිල ඇඳුම් රෙදි තොගය භාර දීමට පැමිණි චීන තානාපතිවරයාට අගමැතිනි හරිනි අමරසූරිය පැමිණෙන තුරු පැයක් රස්තියාදු වීමට සිදුව ඇතැයි වාර්තා වෙයි.

නිල ඇඳුම් තොගය නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට භාර දීමේ උත්සවය කොළඹ වරාය පරිශ්‍රයේ දී ඊයේ (10) පෙරවරු 11.30 තිහට පැවැත්වීමට නියමිතව තිබිණි.

එහෙත් නියමිත වෙලාවට අගමැතිනිය නොපැමිණි නිසා චීන තානාපතිවරයා වෙනත් කටයුත්තක් සඳහා නික්ම ගොස් ආපසු යළි පැමිණීමට කටයුතු කර ඇත.

පැයක ප‍්‍රමාදයෙන් අනතුරුව අගමැතිනිය පැමිණීමෙන් පසු උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *