පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ජුන් රාමනාදන් අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
යාපනය ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන්ව අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ සැකකාර මන්ත්‍රීවරයාව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවය.
සැකකාර මන්ත්‍රීවරයා විසින් 2025 ජනවාරි 20 වනදා රාත්‍රී කාලයේ අනුරාධපුර තලාව ප්‍රදේශයේදී රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කළ බවට චෝදනා එල්ල විය.
පසුව අනුරාධපුර පොලීසිය මගින් මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.