පාර්ලිමේන්තු කැන්ටිමේ කෑම ගණන් උස්සයි… රෑටත් ඔතං ගිහින් කාලා හමාරයි…!

January 23, 2025 at 4:16 pm | by emanisa.lk

පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර මිල දී ගැනීමේදී මන්ත්‍රීවරුන්ගෙන් මෙතෙක් අය කළ ගාස්තු ඉහළ දැමීමට අද (23) රැස්වූ පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර තිබේ.

එම කාරක සභාවේ සාමාජික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක කියා සිටියේ ලබන සතියේ සිට නව මිල ගණන් ක්‍රියාත්මක බවයි.

මේ අනුව මෙතෙක් උදෑසන ආහාරය සඳහා අය කළ රුපියල් 100ක ගාස්තුව රුපියල් 600 දක්වා ඉහළ දමා තිබේ.

එමෙන්ම රුපියල් 300ක්ව පැවති දිවා ආහාර ගාස්තුව රුපියල් 1200 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ. තේ පැන් සඳහා ගාස්තුව රුපියල් 200 දක්වා ඉහළ දමා තිබේ. මේ අනුව මන්ත්‍රීවරුන්ගේ කෑම ගාස්තුව රු. 1550කින් ඉහළ දමා තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක කියා සිටියේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අය කරන ගාස්තුව ඉහළ දැමීමට තීරණය නොකළ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *