වර්තමාන ලෝක යුද තත්ත්වය තුළ රටේ ගෞරවය, අභිමානය සහ ජාත්‍යන්තර පිළිගැනීම ආරක්ෂා කරගනිමින් අපක්ෂපාතීව තම ආණ්ඩුව කටයුතු කරමින් ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
එහෙත් විරුද්ධ පක්ෂ කණ්ඩායම් පැය 11කට පෙර ගෙන ආවේ නම් බේරගත හැකිව තිබූ බව ආදී ඉතාමත් අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් ඇතැයි ජනාධිපතිවරයා චෝදනා කරයි.
පාර්ලිමේන්තුව තුළ ඩීසල් ප්‍රශ්න, ආහාර ප්‍රශ්න ආදී රටේ ඕනෑම ප්‍රශ්නයක් පිළිබඳ කුමක් ප්‍රකාශ කළද ජාත්‍යන්තර වශයෙන් ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක ලෝකය කැළඹෙමින් පවතින අවස්ථාවක සත්‍ය ප්‍රකාශ කරන ලෙස තමන් ඉල්ලා සිටින බවද හෙතෙම අවධාරණය කරයි.
අසත්‍ය ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා ආණ්ඩුව මග හැරීම නිසා පළමු නෞකාව බිලිවූ බවට මතයක් නිර්මාණය කිරීම සහාසික, අමානුෂික අන්ත ප්රතිගාමී ක්‍රියාවක් බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
ජනාධිපති අනුර දිසානායක මේ බව ප්‍රකාශ කළේ, අද (20) පාර්ලිමේන්තුව අමතමිනි.