පාර්ලිමේන්තුව විසිරවූ ගැසට්ටුව වැරදියි… යළි කැඳවන්න වෙනවා…!

October 14, 2024 at 10:54 am | by emanisa.lk

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නිකුත් කළ ගැසට්ටුවෙහි ඇති තාක්ෂණික දෝෂයක් නිසා එය අවලංගු කර පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ ඉඩක් ඇතැයි අභිනව නිවහල් පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ඕෂල හේරත් පවසයි.

“ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවන්නේ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 (1) වගන්තියට අනුව. ඒ අනුව සැප්ත්ම්බර් මස 24 දින මධ්‍යම රාත්‍රියේ විසුරුවන්න කටයුතු කරනවා. එම ගැසට් ප්‍රකාශයේම නොවැම්බර් මස 14 වන දිනට මැතිවරණය නියම කරනවා.

10 (2) වගන්තියට අනුව විසුරුවා දින 10ක් ඇතුලත නාමයෝජනා කැඳවීම සිදු කරනවා. ඒ අනුව ඔක්තෝබර් 4 වන දින නාම යෝජනා කැදවනවා. පනතේ ඉලඟ කියනවා නාම යෝජනා කැදවපු දිනයේ සිට තව දින 7ක මධ්‍යහන 12 වන විට නාමයෝජනා බාර දීම අවසන් කරන්න කියලා. ඒ අනුව ඔක්තෝබර් 11 දහවල් 12ට නාමයෝජනා භාර ගැනීම අවසන් කරා.

ඊට පස්සේ පනතේ කියනවා එදිනින් පසු සති 5 නොඅඩු සති 7කට නොවැඩි දිනයක මැතිවරණය පවත්වන්න ඕනේ කියලා.. ඔක්තෝබර් 11 සිට සති 5ක් වන්නේ නොවැම්බර් 15. එදින පොහොය නිසා එය 16 හෝ ඊට පසු දිනයක යොදා ගන්න තමයි පනතෙන් අවසර තියෙන්නේ.

නමුත් දැන් මැතිවරණ දිනය ප්‍රකාශ කරලා තියෙන්නේ පනතට පටහැනිව දිනයක් අඩුවෙන්. ඒ නිසා කවුරු හරි උසාවි ගියොත් එම ගැසට් පත්‍රය අවලංගු කිරීමට සිදු වෙනවා. මේක ප්‍රයෝගික සහ නීතිමය තත්ත්වයක්.. මෙහි සිටින නීතිඥ මහත්වරුන්ට මම වැරදි නම් නිවැරදි කරන්න පුළුවන්.”

ඕෂල හේරත් fb

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *