හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය කළ පුද්ගලයන්ට හිමිවූ දඬුවම, එදිනම පාර්ලිමේන්තු පරිශ්‍රය ගිනිබත් කිරීමට උත්සාහ කළ පිරිසට ද ලබාදිය යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.
“හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව අප අගය කරනවා.
නමුත් එම දඬුවමම පාර්ලිමේන්තු සංකීර්ණය ගිනිතැබීමට උත්සාහ කළ පිරිසටත් ලබාදිය යුතුයි. වත්මන් රජයේ සිටින ඇතැම් අමාත්‍යවරුන් පවා එම කුමන්ත්‍රණය පිටුපස සිටියා.”
ඊයේ (12) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එස්.එම්. මරික්කාර් වැඩි දුරටත් මෙසේ සඳහන් කළේය.