විශාල මුදලක් වැය කර පාර්ලිමේන්තුවේ පිරිත් පින්කමක් පැවැත්වීමට කටයුතු සංවිධානය කරගෙන යන්නේ මේ රටේ පෝලිම් ප්‍රශ්නයට ඉන් විසඳුම් දිය හැකි නිසා දැයි සමගි ජන බලවේගය ප්‍රශ්න කරයි.
එම පක්ෂයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවේදී අද (24) මේ පිළිබඳ විමසා සිටියේ ය.
රටේ ජනතාව දින තුන්සිය හැට පහේම පාර්ලිමේන්තුවට දෙස් තියන වෙලාවක මෙලෙස මුදල් නාස්ති කිරීම ශාපයක් වනු ඇති බව ද ඔහු කීවේය.
රටේ ආර්ථික තත්ත්වය ගැන සිතා එම පින්කම වහා නතර කරන්නැයි මන්ත්‍රීවරයා මෙහි දී මුලසුනෙන් ඉල්ලා සිටියේය.
මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ එම කාරණය පිළිබඳව කතානායකවරයාගේ අවධානයට යොමු කරන බවයි.