ජාතික ජන බලවේගය ගිය යනු කුමක්දැයි විපක්ෂ මන්ත්රීවරුන් කිසිවෙකු මෙතෙක් හරියට හඳුනාගෙන නැතැයි එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රුවන් මාපලගම සඳහන් කරයි.
අනුර කුමාර දිසානායකලා සිටින්නේ එක්කෙනෙක් යැයි විපක්ෂයේ සිතා සිටිය ද ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවේ අනුර කුමාර දිසානායකලා 159ක් සිටින බව ද ඔහු පවසයි.
පළාත් පාලන ආයතනවල අනුර කුමාර දිසානායකලා හාරදහසක් සිටින බවත් මතුපිට නොපෙනෙන මහ පොළොවේ වැඩ කරන අනුරු කුමාර දිසානායකලා ලක්ෂ ගණනක් සිටිනා බවත් හෙතෙම තව දුරටත් පෙන්වා දෙයි.