පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල පහළට…!

June 20, 2023 at 12:36 pm | by emanisa.lk

අද (20) මධ්‍යම රාත්‍රියේ සිට පාන් සහ සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 10 කින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කරයි.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

පිට මිල වැඩිනොවුනද අනෙකුත් අමුද්‍රව්‍යවල මිල පහළ නොයෑම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ඊයේ වන විට බොහෝ වෙළඳ ස්ථානවල පාන් ඇතුළු බොහෝ නිෂ්පාදන මිල අඩු කර තිබූ අතර ඔවුන් පැවසුවේ මිල අඩු කළ ද තමන්ට ලාභයක් ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *