වත්මන් ආණ්ඩුවට කිසිදු පාලනයක් නොමැති බවත් පොලිසිය දේශපාලනීකරණය වී නීතිය වල්වැදී ඇති බව සංවිධානාත්මක අපරාධකරුවන් අවබෝධ කර ගෙන ඇති බවත් ඔවුන් කිසිදු බයක් නොමැතිව හතර අතේ වෙඩි තබන්නේ ඒ නිසා බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
ඊට හේතුව පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ආරක්ෂක අංශ දේශපාලනීකරණය කිරීම බව ද ඔහු ප්‍රකාශ කරයි.
පොලිසියේ පළමුවැනිය සහ දෙවැනියා අතර ගැටුම දුරදිග ගොස් එය පොලිස් කොමිසම දක්වා ගොස් ඇති බව ද පොලිස්පති අත්අඩංගුවට ගැනීමට පොලිසියට සිදුවීම ලෝක විහිළුවක් බව ද පාඨලී චම්පික රණවක සඳහන් කරයි.
කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් හිටපු ඇමතිවරයා මේ බව කීය.