පාතාළේ මර්දනය කරන ඕනෑම නායකයෙක් රකින්න අපි සූදානම්…! – නාමල් රාජපක්ෂ…

March 15, 2025 at 5:33 pm | by emanisa.lk

තමන්ට විරුද්ධව වැඩිම නඩු ප්‍රමාණයක් පවරා ඇත්තේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ වත්මන් මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජයපාල ලේකම් ධුරය දැරූ දූෂණ මර්දන කාර්යාලය මගින් බව නාමල් රාජපක්ෂ පවසයි.

රනිල් වික්‍රමසිංහ පාලනය රාජපක්ෂවරුන් ආරක්ෂා කළා නොව තමන්ට එරෙහිව නඩු පැවරීමේ මහ මොළකරු රනිල් බව ද අධිකරණයට මගින් තමන් නිදොස් කොට නිදහස් කළ බව ද හෙතෙම කියයි.

කෙසේ වුව ද අද රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මාධ්‍යයට ගොස් රට පවා නොදීම ගැන තමන් සතුටු වන බව ද නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

හිටපු රාජ්‍ය නායකයන් අපේ හමුදාව යුද අපරාධ කළේ යැයි ජාත්‍යන්තරයට ගොස් පිළිගතහොත් කඩා වැටෙන්නේ මහින්ද හෝ රනිල් හෝ නොව ශ්‍රී ලංකාව නම් රාජ්‍යය බවත් අප රාජ්‍යය රැකගත යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

වර්තමාන ආණ්ඩුව පාතාළය හෝ ත්‍රස්තවාදය හෝ පාලනය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවල දී තමන් විපක්ෂයේ සිටිය ද රාජ්‍යය සහ ආණ්ඩුව ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් පිලිපීන නායකයන් මෙන් මේ රටේ නායකයන් ජාත්‍යන්තර අධිකරණවලට යැවීමට තමන් ඉඩ නොතබන බව ද නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.

අද (15) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *