පාතාළේ මඩින්න ආණ්ඩුවේ මුළු ශක්තිය යොදවා නෑ… යොදවපු දවසට පාතාළේ සුං….!

July 6, 2025 at 1:58 pm | by emanisa.lk

පාතාළය සහ මත්ද්‍රව්‍ය පාලනය සඳහා ආණ්ඩුව තවමත් සම්පූර්ණ ශක්තිය යොදවා නැතැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සේන නානායක්කාර පවසයි.

සිය ශක්තිය සම්පූර්ණයෙන් යෙදවීමට තීන්දු කළ පසු මේ මහ පොළොවෙහි ඒ කිසිවකට පැවතීමට ඉඩක් නොමැති බව හෙතෙම අවධාරණය කරයි.

තමන්ට ලැබුණේ දෙකොන ඇවිළුණු විලක්කුවක් බවත් තමන් ඇලඩින්ලා නොවන නිසා එකවර සියලු ප්‍රශ්න විසඳිය නොහැකි බව ද ඔහු සඳහන් කරයි.

ජනතාවට පොරොන්දු වූ ආකාරයට ම මත් උවදුර සහ පාතාළය මහ පොළොවෙන් තුරන් කරන බව ද සේන නානායක්කාර ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *