පාතාළය මත් ජාවාරම් අද ඊයේ ඇති වුණා නෙමෙයි… දේශපාලන ආශීර්වාදයත් ලැබුණා….! – පොලිස්පති…

August 18, 2025 at 10:52 am | by Namal

පාතාළය සහ මත් ද්‍රව්‍ය ජාවාරම් අද ඊයේ ඇති වූ දේ නොවන අතර ඒ සඳහා දේශපාලනයේ ආශීර්වාදය ද හිමිව තිබූ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.

එම ක්‍රියා මර්දනය සඳහා විධිමත් නව වැඩපිළිවෙළක් දියත් කර ඇතැයි ද හෙතෙම අවධාරණය කරයි.

මහානායක ස්වාමීන් වහන්සේලා ද ඒ පිළිබඳ තමන්ගෙන් විමසූ බව ද පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ප්‍රකාශ කරයි.

මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස