රටේ සිදුවන අපරාධ සම්බන්ධයෙන් වර්තමාන රජයට පමණක් ඇඟිල්ල දිගු කළ නොහැකි බව සර්වජන බලය පක්ෂ නායක දිලිත් ජයවීර පවසයි.
මෙතෙක් පැවති අපරාධ රැල්ල මේ අවස්ථවේ වේගවත් වී ඇති බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
මහජන ආරක්ෂාව, ජාතික ආරක්ෂාව සහ බුද්ධි තොරතුරු රැස්කිරීම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් නිර්මාණය වී ඇති බව ද දිලිත් ජයවීර අවධාරණය කරයි.
පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා එක්ව මේ සඳහා විසඳුම් සෙවිය යුතු බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
අද (19) අලුත්කඩේ උසාවි පරිශ්‍රයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිලිත් ජයවීර මේ බව කීය.