ජනාධිපති අනුර කුමාර දිසානායක විවිධ ජනහමු අතරතුර ජනතාව අතරට යෑම ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් බව රාජ්‍ය බුද්ධි අංශ හඳුනාගෙන තිබේ.
එය ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව ද දැන ගන්නට ලැබේ.
විශේෂයෙන් ම, රටේ දැනට පවතින පාතාල ක්‍රියාකාරකම් ඇතුළු යම් යම් ක්‍රියාකාරකම් ක්‍රමිකව වර්ධනය වීමක් දක්නට ඇති අතර එම පාතාල ක්‍රියාකාරකම් පිටුපස වෙනත් බලපෑමක් පවතින්නේ දැයි ආරක්ෂක අංශවලට සැකයක් මතුව ඇති බව ද දැනගන්නට ලැබේ.
ඒ හේතුවෙන් බුද්ධි අංශ විසින් අදාළ පාතාල ක්‍රියාකාරකම් පිටුපස සිටින්නේ කවුරුන් ද යන්න සොයා බැලීම අඛණ්ඩව සිදුකරන බව ද වාර්තා වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක පූර්වගාමී ජනාධිපතිවරුන්ගෙන් ඔබ්බට ගොස් ජනතාව සමීපයටම පැමිණ රැස්වීම් පැවැත්වීම හා ඔවුන් සමග සුහදව කතා කිරීම පසුගිය දිනවල දක්නට ලැබිණි.
ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට මෙම පිළිවෙත සුදුසු නැති බවට ඇතැම් විචාරකයන්ද අදහස් දක්වා තිබිණි.
ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැති බව පැවැසූ නමුත් බොහෝ පාර්ශ්වවල මතය වී ඇත්තේ මේ මොහොතේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳව සහතිකයක් ලබා දීමට නම් ඔහුගේ ආරක්ෂාව දැඩි ලෙස තහවුරු කළ යුතු බව ය.
එම හේතුවෙන් ආරක්ෂක අංශවල උපදේශය වී ඇත්තේ ජනාධිපතිවරයා ජනතාව සමීපයට යෑම අවම කරන ලෙස බව ද වැඩිදුරට ත් වාර්තා වේ.
මව්බිම