පාතාලය පෝෂණය කළේ නිල් කොළ ආණ්ඩු… අපට පාතාලේ එක්ක කිසි ගනුදෙනුවක් නෑ..! – නි. ඇමති නලින් හේවගේ…

February 17, 2026 at 9:46 am | by emanisa.lk

පසුගිය කාලසීමාව තුළ මෙරට පාතාල කණ්ඩායම් පෝෂණය කරමින් ඔවුන් තම දේශපාලන පක්ෂවල මධ්‍යම කාරක සභාවල පවා රඳවා තබා ගත්තේ නිල් සහ කොළ වර්ණ නියෝජනය කළ පක්ෂ බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ 2026 වසර ශ්‍රී ලංකාවට ඉතා සුවිශේෂී වසරක් වනු ඇති බවයි. මෙම වසරේදී නීතිය තදින් ක්‍රියාත්මක කරමින් නීතියේ ආධිපත්‍යය මෙරට තුළ බලගන්වන වසරක් බවට එය පත් කරන බව ඔහු අවධාරණය කරයි.

වර්තමාන රජයට කිසිදු පාතාල කණ්ඩායමක් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ කිසිදු ආකාරයක සම්බන්ධයක් නොමැති බවත්, රජය එවැනි පාර්ශ්වයන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් බවත් ඔහු පවසයි.

එසේම, රට තුළ යම් යම් සිදුවීම් වාර්තා වන බවත්, රජයක් ලෙස එම සියලු සිදුවීම්වල වගකීම භාර ගැනීමට තම රජය සූදානම් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *