පාකිස්ථාන ව්‍යාපාරිකයාගෙන් අභීත තීන්දුවක්..! ප්‍රියන්තගේ තනතුර තවත් ලාංකික ඉංජිනේරුවෙකුට…!

December 24, 2021 at 2:07 pm | by emanisa.lk

පසුගියදා පාකිස්තානයේ සියල්කොට් නගරයේදී තමා සේවය කරමින් සිටි කර්මාන්ත ශාලාවේ සේවකයන්ගේ අමානුෂික පහරදීමෙන් මරුමුවට පත් වූ ප්‍රියන්ත කුමාරගේ තනතුර සඳහා වෙනත් ශ්‍රී ලාංකිකයෙකු පත් කිරීමට එම කර්මාන්තශාලාවේ පාලනාධිකාරිය තීරණය කර තිබේ.

මේ බව හෙළිවී ඇත්තේ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ ආගමික සහජීවනය පිළිබඳ විශේෂ නියෝජිත හෆීස් තාහීර් මෙහෙමුද් අෆ්රාෆි සහ මවුලානා තරීක් ජමීල් නම් ආගමික නායකයා පාකිස්තානයේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්, වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම සමග පැවති හමුවකදීය.

තම ආගමට අගෞරව කළා යැයි චෝදනා කරමින් කර්මාන්ත ශාලා සේවකයින් විසින් ඉතා අමානුෂික ලෙස ප්‍රියන්ත කුමාරව පසුගිය 03 වනදා ඝාතනය කර තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස