පසුගියදා මහත් ආන්දෝලනයට ලක් වූ සිය බිරිඳගේ ප්‍රාඩෝ රථය පැහැරගෙන ගිය බවට චෝදනා ලැබූ මන්ත්‍රීවරයාගේ සිදුවීමට සම්බන්ධ මන්ත්‍රීවරිය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න නොවන බව වාර්තා වෙයි.
ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න පෙර කී මන්ත්‍රීවරයාගේ සමීපතම හිතවතියක වන අතර ඔවුන්ගේ ඡායාරූප යොදා ගෙන කිසියම් පිරිසක් විසින් සැබෑ සිදුවීම යට ගැසීම සඳහා එම පුවත නිර්මාණය කර ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා කරයි.
සිය සැමියා සමග අනියම් සබඳතාවක් පවත්වන බවට බිරිඳ විසින් පැමිණිලි කර ඇත්තේ එම පක්ෂයේම වෙනත් මන්ත්‍රීවරියකි. පසුගිය සමයේ මෙම මන්ත්‍රීවරියගේ ප්‍රකාශ මහත් ආන්දෝලනයට ලක්විය.
එම අභූත චෝදනාව පිළිබඳ කෞෂල්‍යා ආරියරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කර ඇත.