“අපරාධකරුවෙකු” රටක කැබිනට් අමාත්‍ය ධූරයක් හෙබවීම කිසිසේත් සුදුසු නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 2 බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර එය අවුරුදු 5කට අත්හිටුවීමට ලක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
එවැනි පුද්ගලයින් අමාත්‍ය මණ්ඩලයේ තව දුරටත් තබා ගන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ වගකීම ජනාධිපතිවරයාට ද ඇතැයි ඔහු පැවසීය.
“ඉල්ලා අස්වෙන්න ඕනේ. මහාධිකරණයකින් දඬුවම් නියම වුණා නේ. මේ වගේ දෙයක් වුණා ම නිකම් චෝදනාවක් නෙවෙයි. කප්පම් ගැනීමක් නේ.
පොඩි ගණනකුත් නෙමෙයි රුපියල් මිලියන 64ක ලොකු කප්පමක්. එවැනි බරපතළ අපරාධයකට වැරදිකරු විධියට උසාවියෙන් තීන්දුවක් දුන්නා ම, සදාචාර සම්පන්නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, මහ ඇමතිවරයෙක්, රටේ දැන් ගත්තොත් කැබිනට් අමාත්‍යවරයෙක් ඇත්තට ම ඉල්ලා අස් වෙන්න ඕනේ.
බරපතළ වැඩ සහිතව අත්හිටවූ සිර දඬුවමක් දුන්න ම එවැනි අපරාධකාරයෙක් කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස ඉන්න එක රටට කොහෙත් ම සුදුසු නැහැ.”