ප්‍රවාහන සංගම් 12ක සහාය ජනපතිට…!

August 25, 2024 at 1:11 pm | by emanisa.lk

පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඇතුළු සංගම් ප්‍රධානීහු හා නියෝජිතයෝ කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයා වෙත සිය පුර්ණ සහාය පළ කරන බව ප්‍රකාශ කළහ.

නැවත ඉන්ධන පෝලිම් තමන්ට අවශ්‍ය නොවන බව මෙහිදී පෙන්වා දුන් ප්‍රවාහන සංගම් නියෝජිත පිරිස ඉන්ධන හිඟය හමුවේ තම ප්‍රවාහන කටයුතු පවත්වාගත නොහැකිව මුහුණදුන් අසීරුතා අමතක නොමැති බවද සඳහන් කළහ.

රටේ කඩා වැටි තිබු ආර්ථිකය ගොඩගැනීමට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ අගය කළ ප්‍රවාහන සංගම් නියෝජිතයන් රට ඉදිරියට ගෙන යමින් ජනතාවට ජිවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දිය හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවද පෙන්වා දුන්නේය.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය, පොදුජන පෙරමුණ බස් සංගමය, බහලුම් ප්‍රවාහන සංගමය, කාර්යාල ප්‍රවාහන සංගමය, සමස්ත ලංකා රියදුරු වෘත්තීය සමිතිය, සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය, සමස්ත ලංකා පාසල් බස් රථ සංගමය, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය, ජාතික ටැක්සි ත්‍රිරෝද රථ වෘත්තිකයන්ගේ එකමුතුව යන සංගම්වල ප්‍රධානීහු සහ නියෝජිතයෝ ජනාධිපතිවරයා හමු වී සහාය පළ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *