‍ප්‍රමිෂ්කාගේ හැව්ලොක් නිවස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට… ජනපතිට පරිස්සම් වෙන්නැයි අනතුරු ඇඟවීම්…!

September 18, 2025 at 2:18 pm | by emanisa.lk

ජනාධිපති සහ ආණ්ඩුවේ ප්‍රබලයන් සමග ඉතාම සමීප සබඳතා පවත්වන ප්‍රමිෂ්කා පෙරේරාට අයත් හැව්ලොක් නිවාස පරිශ්‍රයේ නිවාසක් මත්ද්‍රව්‍ය සහ විවිධ චෝදනා සහිත පුද්ගලයන් වෙත කුළී පදනම මත ලබා දී ඇතැයි ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ රාජපක්ෂ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම නිවස පළමුව පියුමි හංසමාලිට ද අනතුරුව තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකකුට ද ලබා දී ඇති බවත් ඔහු එම නිවසේ දී පොදුජන එක්සත් පෙරමුණු මන්ත්‍රීවරයෙකු මත්ද්‍රව්‍ය සාම්පල් කිහිපයක් සමග අත් අඩංගුවට පත්ව ඇති බවයි.

මොවුන් එම නිවසේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම්කර ඇතැයි චෝදනා කරමින් ඔවුන්ට එරෙහිව මාලිගාකන්ද අධිකරණයේ නඩු පවරා ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

වරුණ රාජපක්ෂ අවධාරණය කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් සමග සබඳතා ඇති පුද්ගලයන් අසුරු කිරීමේ දී මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනයට කටයුතු කරන ජනාධිපති අනුර දිසානායක අතිශය පරිස්සම් විය යුතු බවයි.

සිය අන්තර්ජාලා නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමින් හෙතෙම මේ බව සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *