ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවට මට කැඳවීමක් නෑ…! – ටිරාන් අලස්…

December 2, 2024 at 10:15 am | by emanisa.lk

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම සම්බන්ධ නඩුවට අදාළව ප්‍රකාශ ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ දක්වා තමන්ට කැඳවීමක් කර නැති බව හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පවසයි.

තමාට කැඳවීමක් ලදහොත් ඒ සඳහා ප්‍රකාශයක් ඉතා කැමැත්තෙන් ලබාදෙන බවත් තමාට මෙන්ම දිනේෂ් ගුණවර්ධන හිටපු අගමැතිවරයාට ද එවැනි කැඳවීමක් මෙතෙක් කර නැති බව දැනගන්නට ලැබුණු බවත් කීය.

අධිකරණය විසින් ප්‍රකාශ ලබාගන්නැයි සඳහන් කර ඇති හිටපු මැති ඇමැතිවරුන් පිරිස අතරින් දැනටමත් කිහිප දෙනකු ප්‍රකාශ ලබා දී ඇති බව තමාට දැනගන්නට ඇතැයි ද ඔහු කීය.

සී.අයි.ඩීය මඟහරින්නට තමාට කිසිදු වුවමනාවක් නැති බව පැවසූ ටිරාන් අලස් මහතා සමහර විට ඔවුන් කිසියම් අනුපිළිවෙළකට අදාළ ප්‍රකාශ ලබාගන්නවා විය යුතු බව ද කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *