ප්‍රමාණවත් ඉන්ධන තොග පවත්වා ගෙන යන්නැයි ජනපති දැනුම් දෙයි…!

September 26, 2024 at 4:57 pm | by emanisa.lk

ඉදිරියේදී ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකිවන පරිදි ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමේ වැදගත්කම ද ජනාධිපති අනුර දිසානායක මහතා නිලධාරීන්ට පෙන්වා දී තිබේ.

මේ වන විට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් රට තුළ පවතින බව එහි දී විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ නිලධාරීන් ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

ඒ, අදාළ නිලධාරීන් සමග අද (26) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ය.

වර්ෂයට අදාළව ප්‍රමාණවත් ඉන්ධන ලබා ගැනීම සඳහා කාර්යක්ෂමව කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

විදුලිබල අමාත්‍යාංශය සඳහා ඉන්දියානු ආධාර මත ලැබී තිබෙන සූර්ය පැනල කඩිනමින් පිරිවෙන් 800 සඳහා ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද නිලධාරීන්ට දුන්නේය.

විදුලිබල අමාත්‍යාංශය විසින් ආසියානු සංවර්ධන බැංකුවේ සහ විදෙස් ණය යටතේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති කඩිනම් කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී පැහැදිලි කර තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *