හිටපු ජනාධිපතිවරුන් සහ හිටපු අමාත්‍යවරුන් සතුව තිබූ නිල නිවාස රජයේ ආයතන පවත්වාගෙන යෑම සඳහා යොදා ගැනීමට පියවර ගනිමින් ඇතැයි වාර්තා වෙයි.
මෙම නිවාස පෞද්ගලික අංශයට ලබා දී අතිවිශාල ආදායමක් ලබාගත හැකි බව වර්තමාන ආණ්ඩුව පසුගිය සමයේ ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවස මසකට ලක්ෂ 50කට පමණ කුළියට ලබා දිය හැකි බව එහි දී ප්‍රකාශ විය.
එහෙත් ඒ සඳහා කිසිදු පුද්ගලික ගැනුම්කරුවෙකු ඒ සඳහා ඉදිරිපත් වී නොමැති නිසා රජය මේ වන විටත් මෙම නිවාස රජයේ ආයතන වෙත ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත.
එහිදි නව මහාධිකරණ හතරක් පිහිටුවීම සඳහා අමාත්‍ය නිල නිවාස හතරක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ද නිල නිවසක් ලබා ගැනීම සඳහා කටයුතු මේ දිනවල සිදු කෙරේ.