සිය ජීවිතය පෙර මෙන් සරල නැති බවත් පෙර මෙන් නිදහසේ එහෙ මෙහේ යා නොහැකි බවත් අගමැතිනී හරිනි අමරසූරිය පවසයි.
තමන්ට එක බැකප් රථයක් සහ යතුරු පැදියක් ප්රමාණවත් බව පැවසුව ද තම ආරක්ෂව භාරව සිටින නිලධාරීන් ඊට එකඟ නොවූ බවයි, අගමැතිනිය ප්රකාශ කළේ.
එම නිලධාරියා සිය වගකීම අගමැතිනිය ආරක්ෂා කිරීම බවත් ලංකාව තවම නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය හෝ නෝර්වේ රට නොවේ යැයි අවධාරණය කළ ද බව ද ඇය සඳහන් කරයි.
අවසානයේ තමන් ඊට එකඟ වූ බවත් සමාජයට බරක් නොමැති සරල නායකත්වයක් නිර්මාණය කිරීම සිය අරමුණ බවත් අගමැතිනිය වැඩි දුරටත් කීවාය.
ජාතික ජන බලවේග ජන හමුවක් අමතමින් හරිනි අමරසූරිය අගමැතිතුමිය මේ බව සඳහන් කළාය.