ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජිත ප්‍රධානම රාජ්‍ය ආයතනවල දෙස් විදෙස් ණය එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර රජයට පැවරීමට තීන්දු කර ඇත.
ඒවා ස්වෛරී සහතික විදේශ ණය ලෙස රජයට පැවරෙන බව වාර්තා වෙයි. එම ආයතන වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ මාර්ග සංවර්ධන අධිකාරියයි.
පසුගිය වසරේ මුල් කාර්තුවට අදාළ මූල්‍ය වාර්තා අනුව 2022 වසරේ මුල් කාර්තුවේ රාජ්‍ය ආයතන 52 කින් 19ක් ලැබූ පාඩුව රුපියල් බිලියන 859කි.
එම කාලයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 628ක් ද කොළඹ හිල්ටන් හෝටලය රුපියල් බිලියන 5ක් පමණ ද පාඩු ලබා ඇති බව මුදල් අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙයි.