වාමාංශික ආණ්ඩුවක් පිහිටුවීමේ සිහිනය ඉටුව ඇති මොහොතක වත්මන් ආණ්ඩුව ආපස්සට නොයවා ආරක්ෂා කරගත යුතුව ඇතැයි හිටපු අමාත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර පවසයි.
“වාමාංශික පක්ෂයක් මැතිවරණයකින් ජය අරගෙන ආණ්ඩුවක් පිහිටෙව්වට පස්සේ දක්ෂිණාංශික බලවේග ඇතුළු ප්‍රතිගාමී බලවේග ඒ ආණ්ඩුව බිඳ වැට්ටවීමට සියලු වෑයම් කිරීම ලෝක ඉතිහාසයේ දන්නා වූ දෙයක්. ඒ නිසාම මේ රජය ඉතා ප්‍රවේශමෙන් අඩිය තබමින් ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීමට ඉදිරියට යා යුතුයි. දැන් අපිට පේන විදිහට රජය සීරුවෙන් යම් යම් කටයුතු කරගෙන යනවා ලොකු පියවර තියන්නේ නැතුව. එය මේ වෙලාවේ උපායිකව අවශ්‍ය දෙයක් කියල මම හිතනවා.
ලෝකයේ පළමු කම්කරු රජය පැරිස් කොමියුනය. ඉන්පසුව 1918 බෝල්ෂෙවික් විප්ලවයෙන් බිහිවෙච්ච සෝවියට් රුසියාව. ඒ වෙලාවේ ලෙනින් හිම වැස්ස මැද්දේ නැටුවා. මොකද කොමියුනයට වඩා එක දවසක් හරි සෝවියට් රුසියාවේ ඒ වාමාංශික බලය තිබුණු නිසා. ඒ වගේ අද වසරක් ගතවෙනකොට මේ ආණ්ඩුවට ලංකාවේ වාමාංශික ආණ්ඩුවක් ඇති කිරීම මේ රටේ සිහිනයක්ව තිබුණු අපි හැමෝටම විශාල සතුටක් හා විශාල තෘප්තියක් ඇතිවෙනවා.”
ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.