13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් අපේක්ෂිත අරමුණු ඉටු නොවූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
එමගින් ගෙන ආ පළාත් සභාවලින් ද දෙමළ ජනතාවගේ ගැටලු සඳහා විසඳුම් ලැබී නොමැති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
එහෙයින් සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කොට දෙමළ ජනතාවගේ ගැටලු සඳහා විසඳුම් ලැබෙන ක්රමවේදයත් සකස් කරගත යුතු බව ද ලේකම්වරයා සඳහන් කරයි.
එතෙක් පළාත් සභා අහෝසි නොකරන අතර දෙමළ ජනතාවට යම් හෝ අස්වැසුමක් ඇත්තේ එමගින් බව ද ටිල්වින් සිල්වා අවධාරණය කරයි.
ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ කාර්යාලයේ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.