පළාත් සභාවලට ඉඩම් බලය දෙනවා..! පොලිස් බලතල ගැන පස්සේ බලමු..! – ජනපති..

February 28, 2024 at 2:24 pm | by emanisa.lk

යුදමය තත්ත්වය අවසන් නිසා දැන් ඇත්තේ සහජීවනය ගොඩනැඟීම යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

අතුරුදන් වූවන් සහ සිරකරුවන් පිළිබඳ ගැටලු විසඳීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ඉඩම් පිළිබඳ ජාතික ඉඩම් කොමිසමේ පනත ඉදිරිපත් කරන බව ද පොලිස් බලතලවලට දැන්ම අත ගැසීමට සූදානම් නොමැති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

මේ සඳහා 2/3ක බහුතර බලය ලබා ගැනීමට සෙසු පක්ෂ සමග ද සාකච්ඡා කරන බවයි, ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

2024 අන්තර් ආගමික සමුළුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *