පළාත් පාලන ආයතන 53ක් අපි දිනුවා…. ආණ්ඩුව දිනුවේ 42යි…! – තිස්ස අත්තනායක…

June 23, 2025 at 2:55 pm | by emanisa.lk

පළාත් පාලන ඡන්දයෙන් ජාතික ජන බලවේගයට බහුතරය අහිමි වූ සහාවල මේ දක්වා පැවති නිලවරණ 95න් පළාත් පාලන ආයතන 53ක් සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ජයග්‍රහණය කළ බව සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.

ඒකාබද්ධ විපක්ෂය ලෙස සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සර්වජන බලය, ස්වාධීන කණ්ඩායම්, මුස්ලිම් කොංග්‍රසය සහ අනෙකුත් දේශපාලන පක්ෂවල සහයෝගයෙන් එම පළාතේ පාලන ආයතනවල ජයග්‍රහණය තහවුරු කළ බව හෙතෙම ප්‍රකාශ රයි.

ඒකාබද්ධ විපක්ෂය ආයතන 53ක බලය අල්ලා ගැනීම පිළිබඳව ආණ්ඩුව කලබලයට පත්ව ඇති බවත්
සමගි ජන බලවේගයට පමණක් පළාත් පාලන ආයතන 22ක් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබී තිබෙන බවත් සංවිධායකවරයා පෙන්වා දෙයි.

ඔහු තවදුරටත් පැවසුවේ, ද්‍රවිඩ දේශපාලන පක්ෂ උතුරේ පළාත් පාලන ආයතන 16ක් ජයග්‍රහණය කර තිබෙන බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන 3ක් ද කඳුරට ජනතා පෙරමුණ පළාතේ පාලන ආයතන 3ක් ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක් පළාත් පාලන ආයතනයක් ද ජයගත් බවත් ඔහු සඳහන් කරයි.

නිලවරණවලින් ජාතික ජන බලවේගයට ජය ගැනීමට හැකි වී ඇත්තේ ආයතන 42ක් පමණක් බව ඔහු පවසයි. මැතිවරණය පැවැත්වීමේ ක්‍රමවේදය පවා ආණ්ඩුව ඔවුන් සතුකර ගැනීමට උත්සාහ කළ බවට ද තිස්ස අත්තනායක චෝදනා කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ඊයේ (22) හෙතෙම මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *