පළමු ප්‍රයිවට් ලිංගික අල්ලස්කරු අල්ලයි..! අල්ලස ගන්න ගිය හෝටලයේ දී ම මාට්ටුයි..!

January 26, 2024 at 4:58 pm | by emanisa.lk

පෞද්ගලික හෝටලයක සේවය කරන තරුණියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ එම හෝටලයේ මානව සම්පත් කළමනාකරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු එම හෝටලයේ ගණකාධීකාරීවරයා ද වෙයි.

අදාළ තරුණියගේ සේවය ස්ථිර කර 75%ක සේවා ගාස්තුව සම්පූර්ණ කර කරදරයකින් තොරව රැකියාව කිරීම සඳහා අවස්ථාව ලබා දීමට මෙම කළමනාකරු ලිංගික අල්ලස් ඉල්ලා තිබේ. ඒ අනුව හබරණ ප්‍රදේශයේ හෝටලයක කාමරයකට පැමිණෙන ලෙස ඇයට දැනුම් දී තිබේ.

මේ පිළිබඳ එම තරුණිය කළ පැමිණිල්ලක් අනුව සැකකරු හබරන හෝටලයේ දී අත්අඩංගුවට ගත්තේ අල්ලස් පනත පෞද්ගලික අංශය ද ආවරණය වන පරිදි බලවත් කිරීමත් සමගය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *