පසුගිය ආණ්ඩු යටතේ හොරකම් සිදුවූ බවත් ඒවා සමස්ත පාලනයක් ලෙස නොව එක් එක් පුද්ගලයන් සිදුකළ හොරකම් බවත් නීතිඥ ශිරාල් ලක්තිලක පවසයි.
එහෙත් ඉතිහාසයේ ප්‍රථම වතාවට ආයතනිකගතව හොරකම් කරන පාලනයක් රටට ලැබී ඇති බවද ඔහු ප්‍රකාශ කරයි.
ගල් අඟුරු වංචාව, ඩොලර් මිලියන 2.5 වංචාව, ඩීසල් මිලදී ගැනීමේ වංචාව ආදි කිසිවක් රාජ්‍ය ප්‍රධානියා සහ පැලවත්ත ප්‍රධානියා නොදැන සිදුකළ නොහැකි බවද හෙතෙම අවධාරණය කරයි.
පසුගිය පාලන කාලවල තනි තනි පුද්ගලයන් හොරකම් කළද එය දැන් තනි පුද්ගල හොරකම් වෙනුවට සමස්ත පද්ධතියම හොරකම් කරමින් ඇතැයිද ඔහු චෝදනා කරයි.
2010 සිට දූෂණ විරෝධී කණ්ඩායම් සමග කටයුතු කරන පුද්ගලයෙකු ලෙස තමන්ට නොබියව එය කිව හැකි බවද ශිරාල් ලක්තිලක සඳහන් කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, හිරු බලය සංවාදයට එකතු වෙමිනි.