පසුගිය ශිෂ්‍යත්ව විභාගය ගැන ආණ්ඩුවෙන් විශිෂ්ට තීන්දුවක්… අධිකරණයටත් දැනුම් දෙයි…!

December 2, 2024 at 1:09 pm | by emanisa.lk

පසුගිය පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇත.

විභාගය යළි පැවැත්වීමෙන් සිසු සිසුවියන් පීඩාවට පත්වීමට හැකි බැවින් එම විභාගය යළි පැවැත්වීම නුසුදුසු බව අමාත්‍ය මණ්ඩලය විසින් නිර්දේශ කර තිබෙන බවත් නීතිපතිවරයා වෙනුවෙන් සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යළි කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණි.

එම පෙත්සම් විභාගය දෙසැම්බර් මස 11 වනදා පැවැත්වීමටද නියෝග කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *