පලස්තීනයට එරෙහි ආක්‍රමණය හෙළා දකිනවා… ජාත්‍යන්තරය වහා මැදිහත් විය යුතුයි…! – දිලිත් ජයවීර….

July 29, 2025 at 6:37 pm | by emanisa.lk

පලස්තීන ජනතාවට එරෙහිව දියත් කර ඇති කුරිරුකම් හෙළා දකින බවත් හමුදා ආක්‍රමණය වහා නතර කරන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටින බවත් සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ශ්‍රී ලාංකිකයන්ට තවත් ජාතියක අහිංසක ජීවිත දිනපතා අහිමි වන විට උදාසීනව බලා සිටිය නොහැකි බව ද හෙතෙම අවධාරණය කරයි.

සියලු වෙනස්කම් පසෙක ලා මෙම ජන සංහාරයට එරෙහිව පලස්තීනයට සහය දැක්විය යුතු බව ද එමගින් ජාතියක් ලෙස ශක්තිමත් පණිවිඩයක් ලෝකයට ලබා දිය හැකි බවත් දිලිත් ජයවීර ප්‍රකාශ කරයි.

ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ මෙම තීරණාත්මක අවස්ථාවේ ප්‍රමාදයකින් තොරව ජාත්‍යන්තර ආයතන සහ මානව හිමිකම් සංවිධාන හෘද සාක්ෂියට එකඟව කටයුතු කළ යුතු බවයි.

අද (29) උදෑසන ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් ඛලීල් හමු වී දිගු කාලයක් තිස්සේ පලස්තීන ජනතාව මුහුණ දීමට සිදුව ඇති අවාසනාවන්ත තත්ත්වය පිළිබඳ කනගාටුව සහ පලස්තීනයට සහයෝගය ප්‍රකාශ කරමින් සර්වජන බලය නායක දිලිත් ජයවීර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *