පරණ බනිස් කැවුවාට වෙරි සොරි… ආයිත් නම් එහෙම කරන්නෑ… ගෝල්ෆේස් අරගලයට කෑම බෙදු P&S සමාව ඉල්ලයි…!

September 13, 2026 at 11:02 am | by emanisa.lk

කොළඹ, ශාන්ත බෙනඩික්ට් මාවතේ පිහිටි පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) අලෙවිසැලේ කල් ඉකුත් වූ ආහාර අලෙවි කිරීමේ සිද්ධියට සමාව අයදිමින් එම සමාගම නිවේදනයක් නිකුත් කර ඇත.

එම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් සමාගම සිය බලවත් කනගාටුව පළකරන අතර එවැනි තත්ත්වයන් යළි ඇතිවීම වැළැක්වීම සඳහා දිවයින පුරා පිහිටි සියලුම අලෙවිසැල්හි තත්ත්ව පරීක්ෂාවන් දැඩි කිරීමට පියවර ගෙන ඇති බවද එමගින් අවධාරණය කරයි.

පාරිභෝගිකයන් තම ආයතනය කෙරෙහි තබා ඇති විශ්වාසය මැනවින් හඳුනන අතර මෙම සිදුවීම සිය පාර්ශ්වයෙන් සිදු වූ සැබෑ දෝෂයක් බවද මෙවැනි අතපසුවීමක් කිසිසේත්ම සිදු නොවිය යුතුව තිබූ බවද එම නිවේදනය මඟින් අවධාරණය කර ඇත.

පසුගියදා කල් ඉකුත් වූ බනිස් අලෙවියට තබා තිබී පාරිභෝගික සේවා නිලධාරීන්ට හසුවී නඩු පැවරීම නිසා සමාගමට රු. ලක්ෂ 2ක දඩයක් නියම විය. ඒ පිළිබඳ සමාව අයදිමින් සමාගම මෙම නිවේදනය නිකුත් කර ඇත.

මෙම සමාගම පසුගිය අරගල සමයේ හොරු එළවීම සඳහා දියත් කළ ගාලු මුවදොර අරගලයට කෑම බෙදු බවටද එකල දැඩි විවේචනයක් දියත් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *